කිරිපිටි තොගවල විස්තර ආහාර උපදේශක කමිටුවට.

Friday, 23 August 2013 - 12:56

%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%9A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

2012 වසරේ සැප්තැම්බර් මාසයේ සිට මේ වසරේ ජුනි මාසය දක්වා කිරිපිටි ආනයනය කරන සමාගම්වලින් මෙරටට ගෙන්වන ලද කිරිපිටි තොගවල විස්තර වහාම ආහාර උපදේශක කමිටුවට ලබාදෙන ලෙස දැනුම්දී තිබෙනවා. ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනගේ ඉල්ලීමක් පරිදි පත් කරන ලද අමාත්‍යාංශ අනුකමිටුව සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පෙරේදා රැස්වූ අතර එහිදී මෙම කමිටුව විසින් ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ යුතු තීන්දු රැසක් පිළිබඳව ආහාර උපදේශක කමිටුවට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව, ආනයනික කිරිපිටි නිෂ්පාදනයන්ට අදාළව ප්‍රචාරක කටයුතු තාවකාලිකව තහනම් කිරීමේ තීරණය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කරනු ලැබුවා. ඒ යටතේ සියලූම ආනයනික කිරිපිටි සමාගම්වල නියෝජිතයන් සෞඛ්‍ය අමාත්‍යාංශයට කැඳවා කිරිපිටි සම්බන්ධයෙන් පවතින ගැටලූ නිරාකරණය කිරීමට ගත් පියවරයන් සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කර තිබෙනවා. එමෙන්ම, ක්ලොස්ටි‍්‍රඩියම් බොටියුලිනම් බැක්ටීරියාව සහ ඞී.සී.ඞී අන්තර්ගතවීම සම්බන්ධයෙන් ආනයනික කිරිපිටි වෙළඳ ප්‍රචාරණය අත්හිටුවීමට ගත් තීරණය සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ද තීරණය කෙරුණා. එම ගැසට් නිවේදනය නිකුත් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල විසින් පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාට දැනටමත් දැනුම්දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

එසේම, දේශීය කිරිපිටි නිෂ්පාදන කටයුතු ප්‍රවර්ධනය කිරීමේ පියවරක් ලෙස සියලූම රෝහල්වල දියර කිරි පාරිභෝජන වැඩසටහනක් ආරම්භ කිරීමට ද තීරණය කර තිබෙනවා. එහි පළමු ඒකකය මහනුවර රෝහල් පරිශ්‍රය තුළ ක්‍රියාත්මක කෙරෙනු ඇති. එමෙන්ම, ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් සොයා බැලීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා විශේෂ ඒකකයක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ මේ වනවිට ස්ථාපිත කර තිබෙනවා.

මේ අතර, පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට පවතින නීතිමය රාමුව තුළ  ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල පවසනවා. ඔහු මේ බව කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

[MP3]s65663[/MP3]

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories