කාට කියන්න ද ? - එජාපය විමසයි.

Saturday, 24 August 2013 - 7:39

%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AF+%3F+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B6%BA%E0%B7%92.


ආණ්ඩුව ඡන්දය පැවැත්වෙන ප්‍රදේශවල රාජ්‍ය සේවකයන් මැතිවරණ කටයුතු සඳහා යොදා ඇති බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ ඒ පිළිබදව පැමිණිලි කිරීමට ක්‍රමවේදයක් නොමැති බවයි.

[MP3]s65703_1[/MP3]

ගැටුම්වලින් තොරව කඳුකරයේ දේශපාලන කටයුතුවල නිරත වන ලෙස ජනාධිපතිවරයා තමන් වෙත උපදෙස් ලබාදුන් බව කම්කරු ජාතික සංගමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් ප්‍රකාශ කළා. තම පක්ෂයට ලංකා කම්කරු කොංග්‍රසයෙන් එල්ල වන තාඩන පීඩන පිළිබද ජනාධිපතිවරයා දැනුවත් කළ අවස්ථාවේදී මෙම උපදෙස් ලබාදුන් බවයි බගවන්තලාව ප්‍රදේශයේ ඊයේ (23) පැවැති ජන හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.

කෙසේ වෙතත්, පසුගිය දා නුවරඑළිය - හැටන් - දිඹුලපතන ප්‍රදේශයේ දී ලංකා කම්කරු කොංග්‍රසයේ සහ කම්කරු ජාතික සංගමයේ ආධාරකරුවන් පිරිසක් අතර ගැටුමක් ඇති වුණා. මෙම ගැටුමෙන් දෙපාර්ශවයේම වාහන 14කට පමණ හානි සිදුවූ අතර පක්ෂ කාර්යාල කිහිපයකට ද හානි සිදුවුණා. ගැටුම අතරතුර වෙඩි ප්‍රහාරයක් ද එල්ල වූ බවටයි චෝදනා එල්ල වුණේ. පසුව සිද්ධිය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ආධාරකරුවන් පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා. මේ වන විටත් කඳුකරයේ දේශපාලන වේදිකාව තුළ ලංකා කම්කරු කොංග්‍රසය සහ කම්කරු ජාතික සංගමය එකිනෙකාට චෝදනා එල්ල කර ගනිමින් අදහස් පළ කිරීම සුලභ දසුනක්.

මෙවැනි පසුබිමක් තුළ පක්ෂ දෙක අතර තිබෙන දේශපාලන මතවාද පිළිබදව කරුණු පැහැදිලි කිරීමට ලංකා කම්කරු කොංග්‍රසයේ උපලේකම් ඒ.පී. ශක්තිවේල් සහ කම්කරු ජාතික සංගමයේ ජාතික සංවිධායක එස්. ශ්‍රීධරන් හිරු ප්‍රවෘත්ති අංශය සමග දුරකථන සංවාදයකට එක්වුණා.

 
[MP3]s65703_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories