නවාස් ෂරීෆ් පොදුරඳමඩුලූවට.

Saturday, 24 August 2013 - 12:44

%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B7%82%E0%B6%BB%E0%B7%93%E0%B7%86%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B3%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%96%E0%B7%80%E0%B6%A7.



මේ වසරේ නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගි වන බව පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් සහතික කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඒ සඳහා ඊයේ (23) ඉදිරිපත් කළ ආරාධනය පාකිස්තාන අගමැතිවරයා පිළිගත් බවයි එරට මාධ්‍ය ප්‍රකාශ කළේ. පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් සහ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඊයේ නිළ සාකච්ඡාවක නිරත වූ අතර ඒ සඳහා පාකිස්තාන අගමැතිවරයාගේ ජාතික ආරක්ෂක සහ විදේශ කටයුතු උපදේශක සර්ටාජ් අසීස් ද සහභාගි වූ බව සදහන්.

 
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, පාකිස්තාන ජනාධිපති අසිෆ් අලි සර්දාරි ද ඊයේ මුණ ගැසුණා. රාජ්‍ය නායක සමුළුවට සමගාමීව කොළඹ පැවැත්වෙන ව්‍යාපාරික සමුළුව සඳහා ආරාධනා කර ඇත්තේ පාකිස්තාන මුදල් අමාත්‍යවරයාටයි. පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේදී ශ්‍රී ලංකාවේ ස්ථාවරය වෙනුවෙන් සහාය දැක්වීමටත් පාකිස්තාන අගමැති නවාස් ශරීෆ් ප්‍රතිඥා දී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories