බස් ගාස්තු සම්බන්ධයෙන් කැබිනට් අනුකාරක කමිටුවක් පත් කිරීම තුළින් පෞද්ගලික බස් හිමියන්ගේ අයිතිය උදුරාගෙන ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. කොළඹදී අද (24) සංවිධාන කර තිබූ පෞද්ගලික බස් සංගම් සමුළුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මේ බව කියා සිටියේ. පළමුව එම සමුළුව කොළඹ බස්නාහිර පළාත් සෞන්දර්ය ආයතනයේ සංවිධාන කර තිබූ අතර, බස් සංගම් නියෝජිත සමුළුව එයට ඇතුළුවීමට ඉඩ ලබානොදීම නිසා පසුව එය පවත්වනු ලැබුවේ නාරාහේන්පිට කාන්තා පර්ෂද සංගම් කාර්යාලයේයි. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ උපදෙස් පරිදි බස් ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් වන බලතල කැබිනට් අනුකාරක කමිටුවකට ලබාදී ඇති බවයි.
[MP3]s65763_1[/MP3]
සැප්තැම්බර් මස පළමුවැනිදාට පෙර සියයට දහයක බස් ගාස්තු වැඩිවීමක් නොලැබුණහොත් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් සිදුකරන බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.
[MP3]s65763_2[/MP3]
කෙසේ වෙතත්, රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ ශ්‍රී ලංගමයට තවත් බස් රථ 5000 ක් එක් කිරීමට රජය අපේක්ෂා කරන බවයි. එමගින්, දැනට සියයට 40 ක්ව පවතින ශ්‍රී ලංගම බස් රථ ප්‍රමාණය සියයට 60 දක්වා ඉහළ නැංවීම මෙහි අරමුණයි. ඉදිරියේදී ශ්‍රී ලංගම සහ දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු වැඩි නොකිරීමට ද රජය බලාපොරොත්තු වනවා.
මේ අතර, බස් සංගම් නියෝජිතයන් එක්ව අද සංවිධාන කර තිබූ මාධ්‍ය හමුව අතරතුරදී අපූරු සංවාදයක් ඇතිවුණා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්නට ලැබුණු දුරකථන ඇමතුමකට ප්‍රතිචාර දැක්වීමට ඔහු එම ස්ථානයෙන් ඉවත් වුණා. පසුව නැවත මාධ්‍ය හමුවට එක්වු ඔහු තමන්ට ලැබුණු දුරකථන ඇමතුම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමත් සමඟ දකුණු පළාත් පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ සභාපතිි චන්දන සොයිසා ද ඊට මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.
[MP3]s65763_3[/MP3]
Follow US
Most Viewed Stories