නවනීදන් පිල්ලේ ශ්‍රී ලංකාවට.

Sunday, 25 August 2013 - 11:03

%E0%B6%B1%E0%B7%80%E0%B6%B1%E0%B7%93%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.



එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ නිල චාරිකාවක් සඳහා අද ශ්‍රී ලංකාවට පැමිණියා. ජර්මනියේ ෆ්‍රැන්ක්පර්ට් සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 558 දරණ යානයෙන්  අද පෙරවරු 9.50 ට පමණ ඇය කටුනායක ගුවන් තොටුපලට ළගාවූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ. ලක් රජයේ ආරාධනයෙන් දිවයිනට පැමිණි ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ලබන 31 වැනිදා තෙක් මෙරට රැඳී සිටිනු ඇති. රජයේ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන නියෝජිතයන් මුණ ගැසෙන ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ උතුරේ සංචාරයක නිරතවීමටද නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories