වෛද්‍යවරයෙකු තැබූ වෙඩි පහරකින් මාරවිල කාන්තාවකට බරපතලයි.

Sunday, 25 August 2013 - 12:47

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B7%92%E0%B6%BD+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.


 
මාරවිල - කොස්වත්ත - කිරිමැටියාන ප්‍රදේශයේදී වෛද්‍යවරයෙකු විසින් සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර කටයුතු සඳහා ජාතික අක්ෂි රෝහල වෙත මාරුකර තිබෙනවා. ජාතික රෝහලේ ප්‍රකාශිකාවක සඳහන්කළේ වෙඩි තැබීමෙන් ඇගේ එක් ඇසක් ආසන්නයේ සිදුව ඇති තුවාලය පිළිබඳව වැඩිදුර පරීක්ෂාව සඳහා ජාතික අක්ෂි රෝහල වෙත මාරු කර යැවුණු බවයි. ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම වෙඩි තැබීමට සම්බන්ධ මීගමුව මහ රෝහලට අනුයුක්තව සේවය කරන වෛද්‍යවරයා මේ වනවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
වෛද්‍යවරයා සහ ඔහුගේ බිරිඳ අතර ඇතිවූ ආරවුලක් අතරතුර ඔවුන්ගේ ඥාතියෙකු සහ අසල්වැසියෙකු වන මෙම කාන්තාව එම ස්ථානයට පැමිණ එය විසඳීමට මැදිහත්වී තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ එම අවස්ථාවේදී මෙම වෛද්‍යවරයා බෝර 12 වර්ගයේ ගිනි අවියකින් අදාළ කාන්තාවට වෙඩි තබා ඇති බවයි. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එම කාන්තාව මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි කොළම ජාතික රෝහලට මාරුකර යැවුනේ. වෙඩි තැබීම සඳහා වෛද්‍යවරයා යොදාගත් ගිනි අවිය බලපත්‍ර සහිත ගිනි අවියක් බවද කොස්වත්ත පොලීසියේ ප්‍රකාශයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories