නවනීදන් පිල්ලේ ශ්‍රී ලංකාවට.

Sunday, 25 August 2013 - 12:46

%E0%B6%B1%E0%B7%80%E0%B6%B1%E0%B7%93%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ සතියක නිල චාරිකාවක් සඳහා අද (25) ශ්‍රී ලංකාවට පැමිණියා. ජර්මනියේ ෆ්‍රැන්ක්පර්ට් සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 558 දරණ යානයෙන්  අද පෙරවරු 9.50 ට පමණ ඇය කටුනායක ගුවන් තොටුපලට ළගාවූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ. ලක් රජයේ ආරාධනයෙන් දිවයිනට පැමිණි ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ලබන 31 වැනිදා තෙක් මෙරට රැඳී සිටිනු ඇති. ජනාධිපතිවරයා ඇතුළු රජයේ ප්‍රධානීන් මෙන්ම රජයේ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන නියෝජිතයන් ද මුණ ගැසෙන ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ උතුරේ සංචාරයක නිරතවීමටද නියමිතයි.
 
ශ්‍රී ලංකාවේ සංචාරයට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය ප්‍රකාශකර තිබුණේ තමන් විවෘත මනසකින් ශ්‍රී ලංකාවේ තත්ත්වය නිරීක්ෂනය කරන බවයි. ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය සහ ප්‍රතිසන්ධාන කටයුතු පිළිබඳව තමා වැඩි අවධානයක් යොමු කරන බවද ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය සඳහන් කර තිබුණා.
 
මේ අතර ජනතා විමුක්ති පෙරමුණ කොළඹදී අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකා ආගමනය ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත අනුව සිදුවන්නක් බවයි.
 
[MP3]s65804_1[/MP3]                         
 
මෙම සංචාරයෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ සැප්තැම්බරයේ පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයට ප්‍රකාශයක් සිදුකරනු ඇති. අනතුරුව ලබන මාර්තුවේ මානව හිමිකම් සමුළුවටද ඇය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පුළුල් වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි. ඇයගේ සංචාරය සඳහා එහි ඉදිරි පියවර පිළිබඳව තොරතුරු දැනගැනීමට හිරු ප්‍රවෘත්ති අංශය සම්බන්ධ කරගත්තා මානව හිමිකම් පිළිබඳ ලක් රජයේ විශේෂ නියෝජිත අමාත්‍ය මහින්ද සමරසිංහ.
 
[MP3]s65804_2[/MP3]      



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories