මීතොටමුල්ලේ කසල ගැටළුවට මන්ත්‍රී ආර් දුමින්ද සිල්වාගේ මැදිහත්වීමෙන් විසඳුම්.

Monday, 26 August 2013 - 7:29

%E0%B6%B8%E0%B7%93%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%83%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A.

මීතොටමුල්ලට - අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා පීඩාවට පත්ව සිටින ජනතාවගේ ගැටළුවලට කඩිනම් පිළියම් ලබාදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා පවසනවා. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර අදාළ ගැටළුවට විසඳුමක් ලබාදෙන බවයි. මීතොටමුල්ලට අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටළුව සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මේ බව සදහන් කළා. මීතොටමුල්ල අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටළුව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණේ කොළොන්නාව නගර සභාව තුළදියි.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් සහ ප්‍රදේශවාසීන්ද සහභාගි වී සිටියා. එහිදී ප්‍රථමයෙන් අදහස් දැක්වූ කොළොන්නාව කසල කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැදවුම්කරු කීර්ති රත්න පෙරේරා.

[MP3]s65846_1[/MP3]

ඉන් අනතුරුව අදහස් දැක්වූ කොළඹ මහනගර සභාවේ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල්.

[MP3]s65846_2[/MP3]

කෙසේ වෙතත්, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා පැවසුවේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර ගැටළුවට කඩිනම් විසදුම් ලබාදෙන බවයි.

[MP3]s65846_3[/MP3]

ඊට ප්‍රතිචාර දැක්වූ කොළොන්නාව කසල කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැදවුම්කරු කීර්ති රත්න පෙරේරා.

[MP3]s65846_4[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories