සිරියාව තුළ රසායනික අවි භාවිතා කර ඇති බවට චෝදනා එල්ලවී ඇති ස්ථාන නිරීක්ෂණයට සිරියානු රජය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිසට අවසර ලබාදී තිබෙනවා. පසුගියදා සිරියානු රජයේ පාර්ශවය සහ කැරළිකරුවන්ගේ පාර්ශවය රසායනික අවි භාවිත කළ බවට චෝදනා එල්ලවුණා. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන්කී මූන් ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්වීමට තීරණය කළා. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිරායුධකරණ කටයුතු පිළිබඳ මහකොමසාරිස් ඇන්ජලා කේන් ඇතුළු නියෝජිත පිරිසක් මීට දෙකකකට පෙර සිරියාව වෙත පැමිණියා.
Follow US
Most Viewed Stories