අධිකරණයට භාරවූ නුවරඑළිය නි. නගරාධිපති රිමාන්ඩ්.

Monday, 26 August 2013 - 12:49

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B7%96+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92.+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A.

ළමා අපයෝජන සිද්ධින් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ නුවරඑළිය නියෝජ්‍ය නගරාධිපති තිස්ස සෙනෙවිරත්න සැප්තැම්බර් මස 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් අද නියෝග කළා. සැකකාර නියෝජ්‍ය නගරාධිපතිවරයා අද නීතීඥයෙකු මාර්ගයෙන් අධිකරණයට බාරවීමෙන් පසුවයි මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ. ළමා අපචාර චෝදනා එල්ලවූ නියෝජ්‍ය නගරාධිපතිවරයා දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා විවෘත වරෙන්තුවක් නිකුත් කළේ පසුගිය 19 වැනිදායි.

සැකකාර නියෝජ්‍ය නගරාධිපතිවරයාට විරෝධය පළකරමින් අපයෝජනයට ලක්වූ දරුවන්ගේ දෙමාපියන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් අධිකරණය ඉදිරිපිට අද (26) නිහඩ විරෝධතාවයක නිරතවීමෙන් පසුව නුවරඑළිය බස් නැවතුම්පල ඉදිරිපිට උද්ඝෝෂණයක්ද පවත්වා ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories