අතුරුදන් වූ 2550ක් ගැන පරීක්ෂණ පවත්වන ලෙස අධිකරණ නියෝග.

Monday, 26 August 2013 - 18:47

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+2550%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C.

ඉකුත් කාලයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් අතුරුදන් වූ පුද්ගලයන් 2550ක් පිළිබද පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට අද (26) නියෝග කළා. ඒ, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා මේ සම්බන්ධයෙන් වූ වාර්තාව අද (26) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

 
එම වාර්තාවේ අතුරුදන් වූ බව කියන පුද්ගලයන් 2550 දෙනාගේම නාම ලේඛනය ද ඇතුළත්ව තිබුණා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අවසර ලබාදෙන ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය කළ ඉල්ලීමට ද අධිකරණයේ අවසරය ලැබුණා. නඩු ගොනුව අධිකරණයේ ආරක්ෂිත සේප්පුවේ බහා තබන ලෙස ද අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා. අදාළ වාර්තාව සහ ලේඛන ත්‍රස්ත විමර්ශන කොට්ඨාංශය විසින් රහසිගතව මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කර තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories