වාස්, රවිඳු ඇතුලූ 9 දෙනාම යළි රිමාන්ඩ්.

Tuesday, 27 August 2013 - 18:48

%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%2C+%E0%B6%BB%E0%B7%80%E0%B7%92%E0%B6%B3%E0%B7%94+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%96+9+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A.

රවිඳු ගුණවර්ධන භාරයේ තිබී අත්අඩංගුවට ගත් ඔහුගේ ටැබ් හෙවත් ටැබ්ලට් පරිගණකය කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක පීඨයට යොමුකර වාර්තාවක් ලබාගන්නැයි අධිකරණය රහස් පොලීසියට අද (27) නියෝග කළා. බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ද රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා. ඔවුන් ඇතුළු සැකකරුවන් 9 දෙනාම අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කළ අතර ඔවුන් ලබන සැප්තැම්බර් 10 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කළා.

අද නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා අධිකරණය ඉදිරියේ කරුණු ඉදිරිපත් කළා. සැකකරුගේ බිරිඳ වන ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා අත්අඩංගුවට ගැනීමේ අරමුණින් ඇයගෙන් රහස් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ රාත්‍රි කාලයේදී බවයි ඔහු පැවසුවේ. එහෙත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රහස් පොලීසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර එය ප්‍රතික්ෂේප කළා. අවශ්‍ය නම් සැකකරුගේ බිරිඳට ඇති චෝදනා හා ඇයගේ ක්‍රියා කලාපයන් ගැන හෙළිකළ හැකි බවද ඔහු කියා සිටියා. එහිදී නීතීඥවරයා කියා සිටියේ එවැන්නක් අවශ්‍ය නොවන බවයි.

මෙම ඝාතන සිද්ධියට අදාළව තවත් පුද්ගලයන් 18 දෙනෙකුගෙන් රහස් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව අද අනාවරණ වුණා. රහස් පොලීසියට භාරයට ගෙන තිබූ වාහනයක් බැදුම්කරයක් මත මුදා හැරීමටද අධිකරණය තීරණය කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories