බිරිඳට ලිංගික හිංසන කළ කෝට්ටේ නාගරික මන්ත්‍රී අත්අඩංගුවට.

Tuesday, 27 August 2013 - 18:59

%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%82%E0%B7%83%E0%B6%B1+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.



දිගු කලක් තිස්සේ සිය බිරිඳ බරපතල ලෙස ලිංගික හිංසනයට ලක් කිරීමේ චෝදනා මත ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සන්ධාන නාගරික මන්ත්‍රී ධනුක විශ්වජිත් පොලීසිය අද අත්අඩංගුවට ගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ බිරිඳට පහරදී තුවාල සිදුකිරීමේ චෝදනාද ඔහුට එරෙහිව එල්ලවී ඇති බවයි. සැකකාර මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී වැලිකඩ පොලීසියට පැමිණිලි ලැබී තිබුණා. පසුව ඔහුගේ බිරිඳගේ මව විසින් පසුගිය 24 වැනිදා ද, අද පෙරවරුවේ බිරිඳ විසින්ද පොලීසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කළා. ඒ අනුවයි අද දහවල් සැකකාර නාගරික මන්ත්‍රී ධනුක විශ්වජිත් වැලිකඩ පොලීසිය අත්අඩංගුවට ගත්තේ. තිස් තුන් හැවිරිදි තුන්දරු පියෙකු වූ ඔහු හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හිංසනයට ලක්වූ මන්ත්‍රීවරයාගේ බිරිඳට වෛද්‍ය වාර්තාවක් ලබාගන්නා ලෙස පොලීසිය උපදෙස් ලබාදී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories