පහර දීමට ලක්වු බංග්ලාදේශ හිමිනමක් අපවත් වෙයි.

Wednesday, 28 August 2013 - 12:31

%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%94+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

රාජගිරිය - වැලිකඩ ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ විසූ බංග්ලාදේශ ජාතික බුරුමා නැමැති හිමිනම පහරදීමක් නිසා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (28) උදෑසන අපවත් වුණා. මෙලෙස අපවත් වී ඇත්තේ රාජගිරිය - වැලිකඩ - කලපළුවාව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. පසුගිය 20 වැනිදා රාත්‍රියේ විහාරස්ථානයට කඩා වැදුණු කිසියම් පිරිසක් මෙම හිමිනමට පොළුවලින් අමානුෂික ලෙස පහර දී තිබුණා. ඉන් අනතුරුවයි හිමිනම ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළේ. පහරදීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories