නවසීලන්ත කිරි නිෂ්පාදනවල බොටියුලිනම් නැහැලූ.

Wednesday, 28 August 2013 - 12:43

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B7%80%E0%B6%BD+%E0%B6%B6%E0%B7%9C%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BD%E0%B7%96.

නවසීලන්තයේ ෆොන්ටේරා සමාගමේ කිරිපිටි නිෂ්පාදනවල ක්ලොස්ටි‍්‍රඩියම් බොටියුලිනම් බැක්ටීරියාව නොමැති බවට පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව නවසීලන්ත සුළු කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා. එම කිරිපිටි නිෂ්පාදන සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ ගණනාවකින් පසු මේ පිළිබඳ අනාවරණය වූ බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. කෙසේ වෙතත්, ෆොන්ටේරා කිරිපිටිවල පවතින ක්ලොස්ටි‍්‍රඩියම් ස්පොරජීන්ස් නැමැති බැක්ටීරියාවෙන් බොටලිසම් නැමැති රසායනිකය හට නොගන්නා බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

 

මේ අතර, පසුගියදා ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටවූ ෆොන්ටේරා ශ්‍රී ලංකා සමාගම අද (28) නැවතත් සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළා. එමෙන්ම, කිරිපිටි සම්බන්ධයෙන් ඇති වී තිබෙන මතභේදකාරී තත්ත්වය සොයා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ කැබිනට් අනුකාරක සභාවද අද රැස්වී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනගෙන් සැදුම්ලත් මෙම කැබිනට් අනුකාරක සභාවට අමාත්‍යවරුන් 07 දෙනෙකු ඇතුළත්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories