නවිපිල්ලේ නැගෙනහිර රාජ්‍ය නිලධාරීන් හමුවෙයි.

Wednesday, 28 August 2013 - 12:50

%E0%B6%B1%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

ශ්‍රී ලංකාවේ දින 07 ක සංචාරයක නිරත වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මේ වනවිට නැගෙනහිර ප්‍රදේශයේ සංචාරය කරනවා. අද (28) පෙරවරුවේ ඇය පළමුව පැමිණියේ ත්‍රිකුණාමලයටයි. එහිදී ඇය නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම හමුවී සාකච්ඡා කළා. පසුව නවනීදන් පිල්ලේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණියා. ඇය එහි පැමිණෙන මොහොතේ අතුරුදන්වූවන්ගේ දෙමව්පිය එකමුතුව විසින් විරෝධතාවයක්ද පවත්වා තිබෙනවා. ඒ, එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් තම දරුවන් පැහැරගත් බව පවසමින්. නවිපිල්ලේගේ නැගෙනහිර සංචාරය පිළිබඳව ත්‍රිකුණාමලයේ සිට තොරතුරු ගෙන එන හිරු විශේෂ වාර්තාකරු අරෝෂ් ප්‍රනාන්දු.

 
[MP3]s66021[/MP3]                

 

නවනීදන් පිල්ලේ ඊයේ දිනයේ උතුරු පළාතේ ස්ථාන කිහිපයක සංචාරය කළා. උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හමුවු ඇය යාපනය පුස්තකාලයද නිරීක්ෂණය කළ අතර, පසුව නන්දිකඩාල් කලපුව අවට ප්‍රදේශයේද නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා. යාපනය පුස්තකාලයේ පැවති රැස්වීමේදී මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය කියා සිටියේ තමන් පැමිණ සිටින්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් සෙවීමට පමණක් බවයි. එහෙත් උතුරේ සිදුවන සංවර්ධනයද ඇය පිළිගත්තා.

 

නවනීදන් පිල්ලේ උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ කාර්යාලයට පැමිණෙන අවස්ථාවේදී ද අතුරුදන්වූවන්ගේ දෙමව්පිය එකමුතුව සංවිධානය විසින් එම ස්ථානයේ විරෝධතාවයක නිරත වුණේ  එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් තම ඥාතීන් පැහැරගෙන ඇති බව පවසමින්. ඇය මහජන පුස්තකාලයට පැමිණෙන විට එම ස්ථානයේද විරෝධතාවයක් පැවැත්වුණා. ඔවුන් ආරක්ෂක හමුදා වෙත චෝදනා එල්ල කළ අතර, එම විරෝධතාවට දෙමළ ජාතික සන්ධානයෙන් උතුරු පළාත් සභාවට තරග කරන අපේක්ෂකයන්ද එක්ව සිටියා.     



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories