හලාවත මුහුදෙන් කන්ටේනරයක් මතු වෙයි.

Wednesday, 28 August 2013 - 19:05

%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A%E0%B6%B1%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

හලාවත - කරුකුපනේ ධීවර ගම්මානයට ආසන්න ගැඹුරු මුහුදේ තිබී වෙරළ තීරයට ගෙන ආ කන්ටේනරය හෙට දිනයේදී විවෘත කරන බව හලාවත පොලීසිය ප්‍රකාශ කළා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ හලාවත සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ඉදිරියේ අදාළ කන්ටේනරය විවෘත කිරීමට කටයුතු කරන බවයි. ඊයේ එම ප්‍රදේශයේ ධීවරයින් මෙම කන්ටේනරය නිරීක්ෂණය කර තිබූ අතර, පසුව ඔවුන් මේ පිළිබඳව නාවික හමුදාවට දැනුම් දී තිබෙනවා. ඒ අනුවයි නාවික හමුදාව අද දිනයේ ඩෝරා යාත්‍රාවක් උපයෝගී කරගනිමින් මෙම කන්ටේනරය වෙරළ වෙත රැගෙන එනු ලැබුවේ. අඩි 40 ක් පමණ දිගින් යුත් එම කන්ටේනරය මේ වනවිට දුර්වර්ණවී ඇති අතර එහි බාහිර ආවරණයේ මුහුදු බෙල්ලන් පවා දක්නට ලැබෙන බව ප්‍රදේශයේ හිරු වාර්තාකරු කියා සිටියා.

මේ අතර හලාවත - කරුකුපනේ සිට මුතුපන්තිය දක්වා වූ මුහුදු තීරයේ තිබී  ඔරලෝසු, ක්‍රීඩා උපකරණ වැනි භාණ්ඩ රැසක් පසුගිය සතියේ එම ප්‍රදේශයේ ධීවරයින්ට හමුවී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රදේශයේ ධීවරයින් මෙලෙස අදහස් දක්වා සිටියා.

[MP3]s66046[/MP3]           

හලාවත - කරුකුපනේ නාවික හමුදා කඳවුර ආසන්න මුහුදු වෙරළේ දැනට රඳවා තිබෙන මෙම කන්ටේනරය විවෘත කරන තුරු එහි ඇත්තේ කුමක්ද යන්න ප්‍රකාශ කළ නොහැකි බවයි නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය ප්‍රකාශ කළේ. කෙසේ නමුත් මෙය නෞකාවකින් මුහුදට වැටුණු කන්ටේනරයක් බවට සැක කරන බව නාවුක හමුදා ප්‍රකාශකවරයා කියා සිටියා. කෙසේ වෙතත් මේ වනවිට අදාළ කන්ටේනරයේ ආරක්ෂාව සඳහා නාවික හමුදා නිලධාරීන් සහ හලාවත පොලීසියේ නිලධාරීන් යොදවා තිබෙනවා.

[JPG]s66046_1[/JPG]

[JPG]s66046_2[/JPG]

ඡායාරූප -  ජූඞ් සමන්ත



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories