උතුරු පළාත් සභාව සඳහා එක්සත් ජාතික පක්ෂය යටතේ ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් 19 දෙනා සිය ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටළු හේතුවෙන් මැතිවරණයෙන් ඉවත්වීමට සූදානම් වනවා. මේ සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය උතුරු පළාත් එක්සත් ජාතික පක්ෂය මහ ඇමති අපේක්ෂක ත්‍යාගරාජා, තුවර්ගේෂ්වරම්ගෙන් කරන ලද විමසීමකදී ඔහු කියා සිටියේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලූවක් මත මෙම තීරණයට එළඹීමට තම අපේක්ෂකයින් සූදානමින් සිටින බවයි. යාපනය - කරෙයිනගර් හි අලූතින් පිහිටුවනු ලැබූ තම පක්ෂ කාර්යාලයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයෙකුගේ ඥාතියෙකු විසින් ඊයේ පහරදී අලාභ හානි සිදුකර ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහඇමති අපේක්ෂකයා චෝදනා කළා. ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා ද දැනුවත් කර ඇති බවයි. එමෙන්ම, තම අපේක්ෂකයන්ට ආරක්ෂාව ලබාදෙන ලෙස යාපනය ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දු කරුණාරත්නගෙන් ද ඉල්ලීමක් කළ බව ත්‍යාගරාජා, තුවර්ගේෂ්වරම් ප්‍රකාශ කළා. නියෝජ්‍ය පොලිස්පතිවරයා ආරක්ෂාව ලබාදීමට පොරොන්දු වුවත්, එය දින දෙකක් ඇතුළත ඉටු නොකළහොත් මැතිවරණ සටනින් ඉවත්වන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
[MP3]s66047_1[/MP3]
මේ අතර පැෆ්රල් සංවිධානය මැතිවරණයට පෙර ඔවුන්ගේ පළමු නිරීක්ෂණ වාර්තාව එළිදැක්වීම සඳහා කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඊට එක්වූ එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ මෙවර මැතිවරණය සඳහා මධ්‍යම රජය හා සම්බන්ධ ප්‍රධාන අමාත්‍යවරුන්ගේ ඥාතීන් 17 දෙනෙකු තරඟ වදින බවයි. ඉන් 13 දෙනෙකු මධ්‍යම පළාත් සභාවටත්, තවත් 4 දෙනෙකු වයඹ පළාත් සභාවටත් තරඟ වදිනවා. මේ නිසා මධ්‍යම පළාත් සභාවේ ප්රචන්ඩ ක්‍රියා පිළිබඳ පැමිණිලි වැඩියෙන් වාර්තාවී ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.
[MP3]s66047_2[/MP3]
Follow US
Most Viewed Stories