පිල්ලේගේ නියෝග පිළිගන්නේ නැහැ. රජය

Wednesday, 28 August 2013 - 19:10

%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA

ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ ලබාදෙන නියෝග ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් නැතැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා. එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් කොළඹ අද (28) පැවැත්වූ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලෙසයි. ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය යාපනය ප්‍රදේශයේ ඊයේ සිදුකළ සංචාරය අතරතුර දෙමළ ජනතාව මුහුණදී ඇතැයි කියන උතුරේ ඉඩම් ගැටළුව සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බවට කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍යවේදියා මෙහිදී අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා.

මේ අතර ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව මේ දිනවල දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළවනවා. මේ ජාතික සංවිධාන එකමුතුව විසින් අද පැවැත්වූ මාධ්‍ය හමුවේදී  එහි මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර,   එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවේදි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙන්ම ඊයේ පැවති ජාතික නිදහස් පෙරමුණු මාධ්‍ය හමුවේදී එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස්.
 
[MP3]s66048[/MP3]    



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories