මඩකලපුවේ සිංහල පවුල් 100 ක් තවමත් අසරණයි.

Thursday, 29 August 2013 - 13:41

%E0%B6%B8%E0%B6%A9%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+100+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%92.

ජීවත්වීමේ මූලික අයිතිවාසිකම් පවා නොමැති ගම් තුනක වෙසෙන සිංහල පවුල් 100 ක් පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා. මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් කුළුකුණාව, කෙවිලියාමඩුව සහ පන්සල්ගල යන ප්‍රදේශවලයි මෙම පවුල් ජීවත්වන්නේ. ඉඩකඩම්, ගේදොර සහ බීමට පානීය ජලය පවා නොමැතිව තමන් අසරණ තත්ත්වයට පත්ව ඇති බව ඔවුන් පෙන්වා දෙනවා. මෙම පවුල් යුද්ධය පැවති සමයේ එම ප්‍රදේශවලින් ඉවත්ව ගොස් ඇති අතර පසුව යළිත් සිය ගම්බිම් වෙත පැමිණ වසර 7 ක් ගතවනවා. මේ වනවිට දුෂ්කරතා රැසකට මුහුණදී සිටින මෙම ජනතාව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ කිසිදු බලධාරියෙකු මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර නොමැති බවයි.

 

[MP3]s66095[/MP3]
 

කුළුකුණාව, කෙවිලියාමඩුව සහ පන්සල්ගල යන ප්‍රදේශවල ග්‍රාම නිලධාරීවරයාගේ සිට ඉහළ නිලධාරීන්  දෙමළ භාෂාව පමණක් හසුරුවන බැවින් ගැටළු ප්‍රකාශ කිරීමේදී පවා අපහසුතාවයකට පත්වී තිබෙන ප්‍රදෙශවාසීන් සඳහන් කළා. මොවුන්ගේ මෙම ගැටලූ සම්බන්ධයෙන් අප මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් විමසීමක් කළා. එහි දිස්ත්‍රික් ලේකම්වරිය වන පී.එස්.එම්. චාල්ස් කියා සිටියේ අදාළ පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ පදිංචි කර ඇති බවයි. ඔවුන්ගේ ඉඩම් සම්බන්ධයෙන් ගැටලූවක් පවතින හෙයින් ඒ පිළිබඳව ද සොයා බලා සියලූ කටයුතු ඉදිරියේදී සිදුකරන බවද දිස්ත්‍රික් ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories