සමගි බලයට ආණ්ඩු බලය ලබා ගන්න බැහැ.

Friday, 30 August 2013 - 7:59

%E0%B7%83%E0%B6%B8%E0%B6%9C%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90.

සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රි දහයේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා හිරු ටී.වී. තුළින් විකාශය කරන බලය සංවාදාත්මක දේශපාලන වැඩසටහන ඊයේ (29) රාත්‍රියේදීත් විකාශය වුණා.

එහි මාතෘකාව වූයේ විපක්ෂ - සමගි බලවේගයේ සම්මුතිවාදී මහජන ගිවිසුම යන්නයි. එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ සහ සංවිධාන රැසක් එකතුව සම්මුතිවාදී මහජන ගිවිසුම නමින් නව ගිවිසුමක් පසුගිය 22 වැනිදා කොළඹ දී අත්සන් කළා. ඒ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට බලය පැවරීම ඇතුළු වගන්ති 10 කට එකඟත්වය පළ කරමින්.
 

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පී.හැරිසන් සහ සම්මුතිවාදී මහජන ගිවිසුම අත්සන් කිරීමට එක්වු නව සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න විපක්ෂය නියෝජනය කරමින් මෙම සංවාදයට එක්ව සිටියා. ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් එක්වූයේ වනජීවි සම්පත් සංරක්ෂණ අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා සහ ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිලයි.

[MP3]s66132[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories