නවනීදන් පිල්ලේ අද ජනපති සහ විපක්ෂ නායක හමුවේ.

Friday, 30 August 2013 - 8:06

%E0%B6%B1%E0%B7%80%E0%B6%B1%E0%B7%93%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A.

ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ අද (30) දිනයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබෙනවා. එමෙන්ම, මහ කොමසාරිස්වරිය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ අමාත්‍ය බැසිල් රාජපක්ෂද මුණ ගැසීමට නියමිතයි. තවද ඇය අද දිනයේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂ නායකයින් සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද කොළඹ පිහිටි ජගත් සංවිධාන කාර්යාලය ප්‍රකාශ කළා.

මේ අතර, යුද්ධය පැවති වසර 30 ක කාලයේ සිදුවූ සියලූම යුද අපරාධ සම්බන්ධයෙන් කරුණු සොයා බලන ලෙසට මියගිය හා අතුරුදන්වූවන්ගේ දෙමව්පිය එකමුතුව ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේගෙන් ඉල්ලා සිටීමට සූදානම් වනවා. එහි කැඳවුම්කරු ආනන්ද ජයමාන්න කොළඹ දී ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය අද මුණගැසී අදාළ ඉල්ලීම ඉදිරිපත් කරන බවයි.

 [MP3]s66133_1[/MP3]

ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ විවාහ කරගැනීමට වුවද තමන් සූදානම් බවට අමාත්‍ය මර්වින් සිල්වා පසුගිය 27 වැනිදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ඊයේ ප්‍රශ්න කෙරුණා. අමාත්‍ය මර්වින් සිල්වා මරදානේ පැවති උත්සවයකදී මහ කොමසාරිස්වරිය විවාහ කර ගැනීමට සූදානම් බව ප්‍රකාශ කළේ මෙලෙසින්.

 [MP3]s66133_2[/MP3]

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් මාධ්‍යවේදීන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඇතිවු සංවාදයයි මේ.

[MP3]s66133_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories