සිරියාවට ගහන්න එපා. - බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව කියයි.

Friday, 30 August 2013 - 8:33

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+-+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.



සිරියාවට එරෙහි යුධමය ක්‍රියාමාර්ගයක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඊයේ (29) ප්‍රතික්ෂේප කළා. ජනාධිපති බෂාර් අල්අසාද්ගේ රජය විසින් රසායනික අවි භාවිත කළ බවට චෝදනා කරමින් ඒ සඳහා වූ යෝජනාවක් ඉදිරිපත් කළේ අගමැති ඬේවිඞ් කැමරන්ගේ පාලක කන්සර්වටිව් පක්ෂය විසින්. එහෙත්, එම යෝජනාව ඡුන්ද 285 ට 272 ක් ලෙස පරාජයට පත්වුණේ වැඩි ඡන්ද 13 කින්. එම ඡුන්ද විමසීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් ප්‍රකාශ කළේ එරට පාර්ලිමේන්තුව හෝ ජනතාව සිරියාවට එරෙහි හමුදා ක්‍රියාමාර්ග අනුමත නොකරන බවයි. ඒ අනුව, සිය රජය කටයුතු කරන බවත් ඔහු සඳහන් කළා. විපක්ෂ කම්කරු පක්ෂ නායක එඞ්.මිලිබෑන්ඞ් කියා සිටියේ ඉරාකයෙන් උගත් පාඩම් පිළිබඳව සිය පක්ෂය බ්‍රිතාන්‍ය අගමැතිවරයා දැනුවත් කළ බවයි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සිරියාවට එරෙහි හමුදා ක්‍රියාමාර්ග ප්‍රතික්ෂේප කිරීමත් සමග එවැනි ක්‍රියාමාර්ගයකදී බ්‍රිතාන්‍ය රජයේ අදහස් විමසන බවයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති බැරැක් ඔබාමා ප්‍රකාශ කළේ.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories