ඝාතනය කළ අඹු - සැමි යුවළකගේ සිරුරු සොයා ගැනේ.

Friday, 30 August 2013 - 18:21

%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%B9%E0%B7%94+-+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A.

රත්නපුර - කොටාමුල්ල ප්‍රදේශයේ නිවසක තිබී තියුණු ආයුධවලින් පහර දී  ඝාතනය කර අඹු - සැමි යුවළකගේ සිරුරු පොලීසිය අද (30) සොයා ගත්තා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පත්මසිංහ පෙරේරා නැමැති 69 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිද වන 62 හැවිරිදි කමලා අබේසිංහයි. ඔවුන්ගේ නිවසෙහි වෙළඳ සැලක් ද පිහිටා ඇති අතර, ඊයේ (29) සහ අද (30) එය විවෘත කර නැහැ. එම නිසා සැක සිතූ ප්‍රදේශවාසීන් පොලීසිය දැනුවත් කිරීමෙන් පසුවයි අද දහවල් පොලීසිය පැමිණ නිවස පරීක්ෂා කර ඇත්තේ. පෙරේදා රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බවට පොලීසිය සැක කරනවා.

 

සිද්ධිය සම්බන්ධයෙන් මිය ගිය පත්මසිංහ පෙරේරාගේ සොහොයුරා වන සරත් කුමාර පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට  මෙලෙස අදහස් පළ කළා.

 
[MP3]s66195[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories