කෝටි 100ක් වටිනා හෙරොයින් කිලෝ 100ක් අත්අඩංගුවේ.

Friday, 30 August 2013 - 18:37

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+100%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+100%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A.

පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ හෙරොයින් කිලෝග්‍රෑම් 100කට අධික තොගයක් ඔරුගොඩවත්ත රේගු නිශ්කාෂණ අංශයේදී අද (30) සොයා ගත්තා. ඒ, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිදුකළ වැටලීමකදියි. මෙය දැනට දකුණු ආසියාවෙන් වැටලීමකදී අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් තොගය බවට විශ්වාස කෙරෙනවා. ග්‍රීස් ටින් අඩංගු කන්ටේනරයක සඟවා තිබියදී මේවා සොයා ගත් අතර, දැනට ගණන් බලා ඇති පරිදි ඒවායේ වටිනාකම රුපියල් කෝටි 100කට  අධිකයි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ප්‍රකාශ කළේ තවමත් කන්ටේනරය සෝදිසි කරමින් සිටින බවයි. කන්ටේනරය මෙරටට ගෙන්වූ පාකිස්තානු ජාතිකයා සහ ශ්‍රී ලාංකිකයන් තුන් දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සහ රේගුව එක්ව සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව සඳහන්. මේ පිළිබඳව අප රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ මාලි පියසේනගෙන් කරුණු විමසුවා.

 

[MP3]s66198_1[/MP3]                                                           

සිදුකළ විමර්ශනය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරී මෙහෙයුම් අජිත් රෝහණ.

 
[MP3]s66198_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories