හෙරොයින් තොගය කිලෝ 250 දක්වා ඉහළට.

Saturday, 31 August 2013 - 8:02

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+250+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.

පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ හෙරොයින් තොගය කිලෝග්‍රෑම් 250 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. ඊයේ (30) පස්වරුවේ ඔරුගොඩවත්ත රේගු නිශ්කාශන අංශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිදුකළ වැටලීමකදී මෙම හෙරොයින් තොගය සොයා ගත්තා. මෙය දැනට දකුණු ආසියාවෙන් වැටලීමකදී අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් තොගය බවට විශ්වාස කෙරෙනවා.

ග්‍රීස් ටින් අඩංගු කන්ටේනරයක සඟවා තිබියදී මේවා සොයා ගත් අතර, දැනට ගණන් බලා ඇති පරිදි ඒවායේ වටිනාකම රුපියල් කෝටි 250කට  අධික බවයි රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ මාලි පියසේන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. කන්ටේනරය මෙරටට එවූ පාකිස්තානු ජාතිකයා සහ ශ්‍රී ලාංකිකයන් තුන් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා. වැටලීම පිළිබදව නවතම තොරතුරු පැහැදිලි කළ රේගු ආදායම් අධීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ මාලි පියසේන.
 
[MP3]s66216[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories