එක්සත් ජාතීන් ගැන ජනතා මතය ජනපති නවිපිල්ලේට කියයි.

Saturday, 31 August 2013 - 8:07

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ ගැටුම් අවසන්වීමෙන් පසු ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ජයග්‍රහණ පිළිබදව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවේ සිය ප්‍රසාදය පළ කළා. ඒ, ජනාධිපතිවරයා සමඟ ඊයේ (30) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේදියි. පුනරුත්ථාපනය සහ නැවත පදිංචි කිරීම් වෙනුවෙන් සිදුකර ඇති ආයෝජනය පිළිබදව තමා දැක ගත් බවයි මහකොමසාරිස්වරිය මෙහිදී කියා සිටියේ.

ඇයට නිදහසේ කැමති තැනකට යාමට පහසුකම් හිමි වුණේ දැයි ජනාධිපතිවරයා මෙහිදී විමසා සිටියා. එහිදී නවිපිල්ලේ ප්‍රකාශ කළේ නිදහසේ උතුරු නැගෙනහිර පළාත්වලට ගොස් එම ජනතාව හමුවූ බවයි. පුනරුත්ථාපනය සහ ප්‍රතිසංවර්ධනය පිළිබදව ජනාධිපතිවරයාගේ දැක්ම අගය කරන බව ඇය කියා සිටියා. භෞතික ගොඩනැගීම සමඟ ජන කොටස් අතර සමගිය සහ ප්‍රතිසන්ධානය තහවුරු කළ යුතුයි. ඊට අවශ්‍ය නීති සම්පාදනය ද වැදගත්. අතුරුදන්වූවන් ගැන සෙවීමට කොමිසමක් පත් කිරීම පිලිබදව ප්‍රසාදය පළ කළ යුතුයි. සුළු ජන කොටස්වලට අයත් ආගමික ස්ථානවලට පහරදීම් ගැන අවධානය යොමු කළ යුතු බව ද මහකොමසාරිස්වරිය මෙහිදී පෙන්වා දුන්නා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේ ඒවා හුදෙකලා සිදුවීම් මිස සැලසුම් සහගත ක්‍රියාදාමයක ප්‍රතිඵල නොවන බවයි.

එක්සත් ජාතීන් අගතිගාමී ආයතනයක් ලෙස රටේ ජනතාව අතර මතයක් ඇති වී තිබෙන බවත්, නවිපිල්ලේගේ වාර්තාව පූර්ව නිගමන සහිත එකක් විය හැකි බවට ජනතාව විශ්වාස කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.  තම කැබිනට් මණ්ඩලය විවිධ මතවාද පිළිගත් කණ්ඩායම්වලින් සමන්විත වුවද ඒ සියලූ දෙනා පොදු අරමුණක් කරා මෙහෙයවීමට තමාට හැකියාවක් පවතින බවයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේ.
 
ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ ශ්‍රී ලංකා සංචාරය අදින් අවසන් වනවා. ඇය අද (31) කොළඹ දී මාධ්‍ය හමුවක් ද පැවැත්වීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories