මිනිස් ජාවාරම මෙහෙය වන්නේ කොටි හිතවාදීන්. - ජනපති.

Saturday, 31 August 2013 - 12:59

%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.



2009 වසරේ මෙරට සිවිල් යුද්ධයේ දී පූර්ණ වශයෙන් පරාජය ලැබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අනුගාමික ජාත්‍යන්තර ජාලය  ඕස්ට්‍රේලියාව වෙත සිදුකෙරෙන මිනිස් ජාවාරමේ ප්‍රධාන මෙහෙවරක් ඉටු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ද  ඕස්ට්‍රේලියන් පුවත්පත සමඟ සාකච්ඡාවකට සහභාගි වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ කොටි හිතවාදීන්ගේ ජාලය බොහෝ කලක සිට මෙම කාර්යයේ නිරත වී ඇති බවයි. එය විශාල වශයෙන් මුදල් උපයන ජාවාරමක් වන අතර, අදත් එලෙසින් ක්‍රියාත්මක බව ජනාධිපතිවරයාගේ අදහසයි.

ඕස්ට්‍රේලියානු පුවත්පත සමග පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා තවදුරටත් පවසා ඇත්තේ කොටි අනුගාමික ජාලය මෙලෙස උපයන මුදල් ලක් රජයට එරෙහිව බටහිර දේශපාලනඥයන් මෙහෙයවීම සඳහා යොදා ගන්නා බවයි. ඔවුන් මෙහිදී මානව හිමිකම් කරුණු ආදිය යොදා ගනිමින් ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරනවා. මිනිස් ජාවාරම නතර කිරීම සඳහා  ඕස්ට්‍රේලියානු රජය සමග සහයෝගයෙන් කටයුතු කරන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. මිනිස් ජාවාරම්කරුවන් සම්බන්ධයෙන්  ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රතිපත්ති ලක් රජය සතුටට පත්වන බවත්, ජනාධිපතිවරයා එහිදී සදහන් කර තිබෙනවා.
 
2009 වසරේ කොටි සංවිධානය පරාජයට පත් කිරීමෙන් පසු මෙරට ආර්ථික සහ සමාජ සංවර්ධනයේ ප්‍රතිඵල සියලූ ජනතාව වෙත ලබාදීමට අවස්ථාවක් උදා වී තිබෙනවා. එමෙන්ම කොටි සංවිධානයේ පරාජය, ත්‍රස්තවාදී ප්‍රහාර වැළැක්වීම සඳහා  ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසකට ආරක්ෂක සුබසාධනයක් බවට පත්ව ඇති බවයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවේදී පෙන්වා දී ඇත්තේ. ආරක්ෂක හමුදා අතින් ජීවිතක්ෂයට පත්වූ කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්, ඝාතනයෙන් උද්දාමයට පත්වන සාහසික මානසිකත්වයෙන් යුත් පුද්ගලයෙකු බව ද ජනාධිපතිවරයා සදහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories