මාතලේ රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ඔක්සිජන් කාන්දුවක්.

Saturday, 31 August 2013 - 18:55

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%85%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%92%E0%B6%9A%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%94%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

මාතලේ මහ රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ඔක්සිජන් කාන්දුවක් හේතුවෙන් එහි ප්‍රතිකාර ලබන ළදරුවන්ට ඔක්සිජන් ලබාදීමේදී ගැටළුකාරී තත්ත්වයක් උද්ගතව තිබෙනවා. සමස්ත ලංකා සුවසේවා සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ සඳහන් කළේ දින දෙකක් තිස්සේ පවතින මෙම ගැටළුවට විසඳුමක් ලබාදීමට රෝහල් බලධාරීන් මේ වනතුරුත් අපොහොසත් වී ඇති බවයි. මෙම තත්ත්වය තවදුරටත් පැවතියහොත් නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබන ළදරුවන්ගේ ජීවිතවලටද අවදානමක් මතුවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

 

[MP3]s66244[/MP3]           

 

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය මාතලේ මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්නගෙන් විමසීමක් කළා. එහිදී රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ නොමේරු ළදරු ඒකකය තුළ නළ කිහිපයක ඔක්සිජන් කාන්දුවක් සිදුවෙමින් පවතින බවයි. කෙසේ වෙතත්, එය යථා තත්ත්වයට පත්කිරීම සඳහා මේ වනවිට පියවර ගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ. නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබන ළදරුවන්ගේ ජීවිත සම්බන්ධයෙන් කිසිදු අවදානමක් උද්ගත වී නොමැති බවද රෝහල් අධ්‍යක්ෂවරයා අවධාරණය කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories