රතුපස්වල උපවාසය නිමවේ.

Saturday, 31 August 2013 - 19:26

%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%80%E0%B7%9A.

වැලිවේරිය රතුපස්වල ජල ගැටළුවට විසඳුම් ඉල්ලා ගල්ඔළුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ විහාරාධිපති පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් ඊයේ (30) රාත්‍රියේ යළි ආරම්භ කළ අඛණ්ඩ උපවාසය අද දහවල් අත්හිටුවනු ලැබුවා. ඒ, ප්‍රදේශවාසීන්, කම්හල් බලධාරීන්, ආගමික නායකයින් සහ පොලිසිය අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගේ ප්‍රධානත්වයෙන් වැලිවේරිය පොලිස් ස්ථානයේදී එම සාකච්ඡාව පැවැත්වුණා.

 

ඊයේ (30) දහවල් පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් ඇතුළු පිරිසක් රතුපස්වල ජල ගැටළුව සම්බන්ධයෙන් කොළඹ ජගත් සංවිධාන කාර්යාලය වෙත සංදේශයක්ද භාර දුන්නා. පසුව සිරිධම්ම හිමියන් ඊයේ රාත්‍රි 07 යි 30 ට පමණ යළි උපවාසය ආරම්භ කළේ මතභේදයට තුඩුදුන් කර්මාන්ත ශාලාව යළි විවෘත කිරීමට පියවර ගන්නා බවට අනාවරණය වුණු බව පවසමින්.

 

ඊට හේතු වූයේ කර්මාන්තශාලාව ඉදිරි දින කිහිපය තුළ යළි විවෘත කරන බව එම කර්මාන්ත ශාලාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා ඊයේ (30) අධිකරණයට දැනුම් දීමයි. කර්මාන්ත ශාලාවට එරෙහිව ප්‍රදේශවාසීන් විසින් ගොනු කර ඇති නඩුව ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් හේශාන් ද මෙල් හමුවේ ඊයේ යළි කැඳවූවා. නඩු විභාගයෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ කර්මාන්ත ශාලාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ කර්මාන්ත ශාලාව මගින් ප්‍රදේශයේ ජල මුලාශ්‍ර අපිරිසිදු වන බවට අධිකරණයට ඉදිරිපත් වුණු වාර්තාවලින් තහවුරු නොවූ බවයි.

 

මේ අතර, උපවාසය පැවැත්වෙන අතරතුර අද (31) පෙරවරුවේ හිරු ප්‍රවෘත්ති අංශය ඇමතූ කර්මාන්තශාලාවේ සේවයේ නිරත සේවකයින් සඳහන් කළේ තමන්ට ආයතනයෙන් පිටව යාමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි. ප්‍රදේශවාසීන් ඊට ඉඩ ලබානොදෙන බව ඔවුන් ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ආයතනයේ සේවකයින් කිහිපදෙනෙක්.

 

[MP3]s66246_1[/MP3]         

 

කෙසේ වෙතත්, ඒ පිළිබඳව ප්‍රදේශවාසීන් දැක්වූයේ වෙනත් අදහසක්.

 

[MP3]s66246_2[/MP3]

 

ඊයේ පස්වරුවේ සිටම කර්මාන්ත ශාලාව අවට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා ආරක්ෂාවද දැඩි කර තිබුණා. මෙම තත්ත්වය මතයි පොලිසියේ මැදිහත්වීමෙන් අද දහවල් විශේෂ සාකච්ඡාවක් සංවිධාන කෙරුණේ. එහිදී නිසි තීරණයක් ලැබෙනතුරු කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු සිදුකිරීම නැවැත්වීමට එකඟත්වයක් ඇති වී තිබෙනවා. එසේම, නඩත්තු සහ පරිපාලන කටයුතු වෙනුවෙන් සේවකයන් 85 දෙනෙකුට පමණක් කර්මාන්ත ශාලා පරිශ්‍රයට ඇතුළුවිය හැකියි. එම කටයුතු ප්‍රදේශවාසී නියෝජිතයන් 15 දෙනෙකු විසින් නිරීක්ෂණය කරන බවද සාකච්ඡාවෙන් අනතුරුව උපවාසය පැවති ස්ථානයට පැමිණි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ප්‍රකාශ කළා.

 

[MP3]s66246_3[/MP3]                             

 

එහිදී තවදුරටත් අදහස් දැක්වු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා.

 

[MP3]s66246_4[/MP3]                               

 

අනතුරුව උපවාසයේ නිරත වූ වැලිවේරිය ගල්ඔළුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ විහාරාධිපති පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් ද අදහස් පළ කළා.

 

[MP3]s66246_5[/MP3]            

 

මෙම කටයුතු අවසන්වීමෙන් පසු කර්මාන්ත ශාලාව තුළ රැඳී සිටි සේවකයන්ට ඉන් පිටව යාමට අවස්ථාව සැලසුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories