නවිපිල්ලේ පිටව යයි. ඇත්ත හෙළිවුණා. දේශහිතෛෂීන්.

Sunday, 01 September 2013 - 8:11

%E0%B6%B1%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%8F.+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%9B%E0%B7%82%E0%B7%93%E0%B6%B1%E0%B7%8A.

ශ්‍රී ලංකාවේ දින 7 ක සංචාරයක නිරතවූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ ඊයේ රාත්‍රි 12.25 ට දිවයිනෙන් පිටත්ව ගියා. ඒ, ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ. එල්. 553 දරණ යානයෙන්.

මේ අතර ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ අවසන් ප්‍රකාශයෙන් ඇගේ සැබෑ ස්වරූපය හෙළි වී ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පවසනවා. එහි ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර සඳහන් කළේ ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් සැසිවාරයේදී යෝජනාවක් ගෙන එනු ඇති බවයි.

සිය සත් දින නිල සංචාරය නිම කරමින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට පෙර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ කොළඹ දී ඊයේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී ඇය ප්‍රකාශ කළේ යුද අපරාධ සම්බන්ධයෙන් නිසි දේශීය පරීක්ෂණයක් සිදුනොවුනහොත් ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා කෙරෙන ඉල්ලීම එලෙසම පවතිනු ඇති බවයි.

[MP3]s66261_1[/MP3]

මේ සම්බන්ධයෙන් අදහස් පළකරමිනුයි දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර සිය අදහස් පළ කළේ.    

[MP3]s66261_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories