අද සවස රට පුරා වැසි. අකුණු ගැන අවධානයෙන් සිටින්න.

Sunday, 01 September 2013 - 8:16

%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%80%E0%B7%83+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92.+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.

අද (01) අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී දිවයිනේ සියළුම පළාත්වල වැසි හෝ ගිගිරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගූ කියා සිටියේ ගිගුරුම් සහිත වැසි ඇතිවනවිට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බවයි. ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළා.  ඒ පිළිබඳව තවදුරටත් පැහැදිළි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගූ.

[MP3]s66262_1[/MP3]

ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ඊයේ අධික වර්ෂාව හේතුවෙන් තෙල්දෙණිය - රංගල - තුනිස්ගල ඔය පිටාරගැලීම හේතුවෙන් නිවාස 15 ක් ජලයෙන් යටවී ඇති බවයි. එම නිවාසවල පදිංචිව සිටි 67 දෙනෙකු අවතැන්වී ඇති අතර ඔවුන් ප්‍රදේශයේ කෝවිලක රැඳී සිටිනවා. මේ අතර අකුණු සැර වැදීමෙන් වවුනියාව ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්‍ෂ සරත්ලාල් කුමාර ප්‍රකාශ කළා.
 
[MP3]s66262_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories