බෝම්බ පිපිරවීමට පෙරහුරු කළ කොටි දෙදෙනෙකු අල්ලයි.

Sunday, 01 September 2013 - 13:39

%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

ශ්‍රී ලංකාවේදී පිපිරවීමක් සිදුකිරීම සඳහා තමිල්නාඩුවේදී පෙරහුරු බෝම්බ පිපිරවීම් සිදුකළ එල්.ටී.ටී.ඊ සාමාජිකයන් දෙදෙනෙකු තමිල්නාඩු පොලිසියේ කිව් ශාඛාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශිවනේෂ්වරන් නොහොත් නේසන් නමැති 34 හැවිරිදි පුද්ගලයා සහ ගෝපි නොහොත් මනෝහරන් නමැති 37 හැවිරිදි පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගැණුනු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. යාපනයේ පදිංචිකරුවන් වන මොවුන් අතුරෙන් ගෝපි - 2009 වසරේදී ඉන්දියාවට ගොස් ඇති අතර, ශිවනේෂ්වරන් පැමිණ ඇත්තේ 2011 වසරේදීයි.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයන් වන මොවුන්, තවත් සිව් දෙනෙකු සමඟ එක්ව බෝම්බ සකස් කිරීමේ නිරතව තිබෙනවා. මෙම කණ්ඩායමේ ඉතිරි 4 දෙනා කිව් පොලිස් ශාඛාව මගින් පසුගිය දෙසැම්බරයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. නේසන් සහ ගෝපි තවදුරටත් සැඟවී සිටි අතර, පසුගිය සිකුරාදායි ඔවුන් අත්අඩංගුවට ගනු ලැබූයේ. එල්.ටී.ටී.ඊ සංවිධානයේ තාක්ෂණික අංශයේ සුරේෂ් කුමාර් නමැත්තා මෙම කණ්ඩායම මෙහෙයවා තිබෙනවා. ඔවුන් තමිල්නාඩුවේ පන්ටූරි ප්‍රදේශයේදී පසුගිය වසරේ අගෝස්තුවේ පෙරහුරු බෝම්බ පිපිරවීමක් සිදුකර ඇති අතර, එය ලැප්ටොප් පරිගණකයක සටහන් කර ඇති බවයි කිව් පොලිසිය සඳහන් කළේ. සුරේෂ් කුමාර් පොලිසියට තවදුරටත් පවසා ඇත්තේ තමන්     එල්.ටී.ටී.ඊ සාමාජිකයන් පුහුණුකොට බෝම්බ පැනීමේ අමුද්‍රව්‍ය සමඟ ශ්‍රී ලංකාවට එවා ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories