ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක්.

Sunday, 01 September 2013 - 19:00

%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B7%83+%E0%B6%91%E0%B7%83%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

මේ දිනවල පවතිින කඩින් කඩ වර්ෂාපතනය ඩෙංගු මදුරුවා ව්‍යාප්ත වීමට වැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය පවසනවා. එහි අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ආචාර්ය නීලමනි රාජපක්ෂ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ මේ හේතුවෙන් ජනතාව ඒ පිළිබද අවදානය යොමු කළ යුතු බවයි. කඩින් කඩ වර්ෂාව පවතින හෙයින් පරිසරයට ජලය එක්රැස්වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. මෙම තත්ත්වය ඩෙංගු මදුරුවා ව්‍යාප්ත වීමට සුදුසු පරිසරයක් බවයි විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නේ.  

[MP3]s66293[/MP3]
 
වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් 22,000 කට ආසන්නයි. වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. ගම්පහ, කොළඹ වැනි දිස්ත්‍රික්කවලින් ඩෙංගු රෝගීන් වැඩිප්‍රමාණයක් වාර්තා වන බවයි සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය පෙන්වා දෙන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories