අත්අඩංගුවට පත් මත්කුඩු මෙරට බෙදා හැරීමට ගෙන ආ බවට සාධක.

Sunday, 01 September 2013 - 19:02

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%86+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A.


කොළඹ - ඔරුගොඩවත්ත රේගු නිෂ්කාශන අංශයේදී අත්අඩංගුවට ගත් ආසියාවෙන් මෙතෙක් සොයා ගැණුනු විශාලතම මත්ද්‍රව්‍ය තොගය මෙරට තුළ බෙදා හැරීමට රැගෙන ආ බවට නිගමනය කළ හැකි සාධක තිබෙන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසනවා. ඒ අනුව විශේෂ සැලැස්මක් යටතේ ඒ සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ. මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ඒම පිටුපස ක්‍රියාත්මක ජාත්‍යන්තර ජාලය සම්බන්ධයෙන් ද මෙම පරීක්ෂණවලදී වැඩි අවදානයක් යොමුකර ඇති බවයි එම නිලධාරියා තවදුරටත් කියා සිටියේ.
 
පසුගිය සිකුරාදා ඔරුගොඩවත්තේ පිහිටි රේගු නිශ්කාෂණ අංශයේ දී පාකිස්තානයේ - කරච්චි නුවර සිට  හෙරොයින් රැගෙන ආ කන්ටේනරය පරීක්ෂාවට ලක් කළා. ග්‍රීස් ටින් තුළ සඟවා අදාළ හෙරෝයින් තොගය මෙරටට ගෙන්වා තිබූ අතර, හෙරොයින් කිලෝග්‍රෑම් 258ක් මෙහිදී සොයා ගනු ලැබුවා. එහි වටිනාකම සඳහන් වුණේ රුපියල් කෝටි 250ක් ලෙසයි. අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ ශ්‍රී ලංකා රේගුව ඒකාබද්ධව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වූ තොරතුරුවලට අනුව මෙම හෙරොයින් තොගය මෙරටට ගෙන්වූ පාකිස්තාන ජාතිකයා සහ ශ්‍රී ලාංකිකයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. අත්අඩංගුවට ගත් සැකකරුවන් මාළිගාකන්ද මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තවදුරටත් රැදවුම් නියෝග මත පරීක්ෂණ සිදුකරනු ලබනවා. මෙම හෙරොයින් මත්කුඩු තොගය මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් වන සියලූ පරීක්ෂණ කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙහෙය වනු ලබන බවයි එම කාර්යාංශයේ උසස් නිලධාරීයා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories