නවිපිල්ලේගේ ඇතැම් ප්‍රකාශ ගැන රජයට සැකයක්.

Sunday, 01 September 2013 - 19:11

%E0%B6%B1%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ජගත් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවනීදන් පිල්ලේ සිදුකළ ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් රජයක් ලෙස යම් සැකයක් පවතින බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. නැවතත් රටතුළ බෙදීමක් ඇති කිරීමට ජාත්‍යන්තරය උත්සාහ දරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මහනුවර ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවකට අද (01) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

[MP3]s66295_1[/MP3]                                                                          

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල.

[MP3]s66295_2[/MP3]                                                                       

මේ අතර, මෙරටට එල්ල වී තිබෙන යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ දැරූ ස්ථාවරයේ වෙනසක් සිදුවී ඇතැයි ජගත් සංවිධානයේ ජිනිවා හි මෙරට හිටපු නිත්‍ය නියෝජිත දයාන් ජයතිලක ප්‍රකාශ කළා. ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවෙන් නික්ම යාමට පෙර පැවැති මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ සමඟ දුරකථන සංවාදයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ඊයේ ප්‍රකාශ කළේ යුධ අපරාධ සම්බන්ධයෙන් නිසි දේශීය පරීක්ෂණයක් සිදුනොවුණහොත් ජාත්‍යන්තර පරීක්ෂණ සඳහා කෙරෙන ඉල්ලීම් එලෙසම පවතිනු ඇති බවයි. එමෙන්ම තමන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන කාලය අතරතුර ඇතැම් අමාත්‍යවරුන් සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් ද ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සංහිඳියාවට යහපත් ප්‍රවේශයක් වනු ඇති බවත් භෞතික සංවර්ධනයෙන් පමණක් සංහිදියාව හෝ තිරසර සාමය තහවුරු නොවන බවත්, ඇය ප්‍රකාශ කළා. මෙම කරුණු සම්බන්ධයෙන් අප ජිනිවා හි මෙරට හිටපු නිත්‍ය නියෝජිත දයාන් ජයතිලකගෙන් කරුණු විමසා සිටියා. ඔහු කියා සිටියේ යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවට මුලින් ප්‍රකාශ කළ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය දේශීය පරීක්ෂණයක් පිළිබදව තවදුරටත් විශ්වාසය පළ කිරීම සුබදායක කරුණක් බවයි. මේ, ජිනිවා හි හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත දයාන් ජයතිලක සමග හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ එම දුරකථන සංවාදයයි.

[MP3]s66295_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories