බෝක්කු වළකට වැටී එකම පවුලේ අයියා - නගෝ මරුට.

Monday, 02 September 2013 - 7:35

%E0%B6%B6%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%9A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+-+%E0%B6%B1%E0%B6%9C%E0%B7%9D+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.



 
පිළියන්දල - මිරිස්වත්ත - එගොඩහේනවත්ත ප්‍රදේශයේ දී බෝක්කු වළකට වැටීමෙන් එකම පවුලේ කුඩා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ඊයේ (01) වාර්තා වුණා. පිළියන්දල - ජාලියගොඩ සිට කැස්බෑව දක්වා අලූතින් ඉදිකෙරෙන මාර්ගයේ බෝක්කුවක් ඉදිකිරීම සඳහා හාරා තිබූ වලකටයි මෙම කුඩා දරුවන් දෙදෙනා වැටී ඇත්තේ. සිය මව සමඟ උපකාරක පන්තියට සහභාගි වී සිය ඥාති නිවසකට මෙම දරුවන් දෙදෙනා පැමිණ තිබෙනවා. ඉන් අනතුරුව කුඩා දරුවන් දෙදෙනා කෙසෙල් කොටයක් ආධාරයෙන් බෝක්කුව ඉදිකිරීම සඳහා සකස් කර තිබූ වළේ ඔරු පැදීමට ගොස් තිබෙනවා. එහිදී ඔවුන් දෙදෙනා එම වළට වැටී මඩෙහි එරී ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පිළියන්දල පොලීසිය සදහන් කළේ. මෙලෙස මිය ගොස් ඇත්තේ මාකන්දන ශ්‍රී සුදර්ශන විදුහලේ ඉගෙනුම ලැබූ 9 හැවිරිදි පිරිමි දරුවෙකු සහ 7 හැවිරිදි ගැහැණු දරුවෙකුයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories