වෛද්‍යවරුන් නැහැ. - ආනමඩුව රෝහලේ බාහිර ප්‍රතිකාර නවතී.

Wednesday, 04 September 2013 - 12:38

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%86%E0%B6%B1%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B6%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93.

වෛද්‍යවරුන් නොමැතිවීම නිසා ආනමඩුව දිසා රෝහලේ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් විශාල පිරිසක් අද (04) අපහසුතාවයට පත්වුණා. වෛද්‍යවරුන් පස් දෙනෙකු සේවය කරන මෙම රෝහලේ අද ප්‍රතිකාර කටයුතු කිරීම සඳහා පැමිණ සිටියේ එක් වෛද්‍යවරයෙකු පමණක් බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු කියා සිටියේ. ගැබිණි වෛද්‍යවරියක් ඇතුළු වෛද්‍යවරුන් තුන් දෙනෙකු අසනීප නිවාඩු වාර්තා කර තිබුණා. ඉන් දෙදෙනෙකු මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි කාර්යාලය දැනුවත් කර තිබූ නමුත්, ඒ වෙනුවට වෙනත් වෛද්‍යවරුන් අනුයුක්ත නොකිරීමෙන් මෙම ගැටලූව උද්ගතවී තිබූ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ. ඊයේ (03) රාත්‍රියේ හදිසි ඇමතුම් වෙනුවෙන් රාජකාරි යෙදී සිටි වෛද්‍යවරයා අද පෙරවරුවේ සේවය නිම කර ගොස් සිටි අතර, සේවය සඳහා වාර්තා කර තිබුණේ රෝහලේ වෛද්‍ය නිලධාරිවරයා පමණයි. ඔහු ද නේවාසික රෝගීන් පරීක්ෂා කිරීම සඳහා ගොස් තිබුණා.

 

කෙසේ වෙතත්, අප මේ සම්බන්ධයෙන් වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.එම්.එස් රත්නායකගෙන් කරුණු විමසූ අතර, ඔහු කියා සිටියේ පුත්තලම රෝහලෙන් වෛද්‍යවරුන් දෙදෙනෙකු අද පෙරවරුවේදී ආනමඩුව දිසා රෝහල වෙත පිටත් කර හැරීමට කටයුතු කළ බවයි.

 [MP3]s66467[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories