හිටපු අගවිනිසුරුවරිය යළි අල්ලස් කොමිසම හමුවට.

Wednesday, 04 September 2013 - 12:39

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක අද යළිත් වරක් අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියා. එම කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ සිය නීතීඥයින් සමඟ හිටපු අගවිනිසුරුවරිය අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි බවයි. සිය වත්කම් හෙළි නොකළ බවට හිටපු අගවිනිසුරුවරියට ඉදිරිපත් වී තිබෙන පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට පැමිණෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කර තිබූ දැනුම්දීමකට අනුවයි හිටපු අගවිනිසුරුවරිය අල්ලස් කොමිසම හමුවේ අද (04) පෙනී සිටියේ. මීට පෙර, හිටපු අගවිනිසුරුවරිය තමාට එරෙහිව විමර්ශන පවත්වන අල්ලස් කොමිසමේ නිලධාරින් සම්බන්ධයෙන් විරෝධතාවයක් ද ගොනුකර තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories