උගත් පාඩම් කොමිසමේ තවත් නිර්දේශයක් හෙට සිට ක්‍රියාත්මකයි.

Wednesday, 04 September 2013 - 19:11

%E0%B6%8B%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B6%BA%E0%B7%92.

උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසම් වාර්තාවේ නිර්දේශයන්ට අනුව ත්‍රස්තවාදී කටයුතුවලට අදාළ නඩු සහ ළමා අපයෝජන නඩු කඩිනමින් විභාග කිරීමට විශේෂ මහාධිකරණයක් පිහිටුවීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව එම විශේෂ අධිකරණය හෙට අනුරාධපුර මහාධිකරණ සංකීර්ණ ගොඩනැගිල්ලේදී අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙන බවයි අධිකරණ අමාත්‍යාංශ ලේකම් කමලනී සිල්වා ප්‍රකාශ කළේ. හෙට ස්ථාපිත කෙරෙන මෙම විශේෂ මහාධිකරණයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන්නේ දැනට උතුරුමැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරුවරුන් ලෙස රාජකාරි කරනු ලබන නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඛේමා ස්වර්ණාධිපතියි.
 
ත්‍රස්තවාදී චෝදනා එල්ලවී තිබෙන එල්.ටී.ටී.ඊ. රැඳවියන් සම්බන්ධයෙන් පැමිණිලි කඩිනමින් විභාග කර අවසන් කළයුතු බවට උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසම් වාර්තාව මගින් නිර්දේශ කර තිබුණා. ඒ අනුවයි අනුරාධපුර මහාධිකරණ සංකීර්ණයේදී මෙම විශේෂ මහාධිකරණය විවෘත කෙරෙන්නේ. මීට පෙර වවුනියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල මෙවැනි අධිකරණ තාවකාලිකව ස්ථාපිත කර තිබූ නමුත් ස්ථිර වශයෙන් මෙවැනි විශේෂ මහාධිකරණයක් විවෘත කෙරෙන්නේ හෙට දිනයේදී බවයි අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරිය ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories