පාසල් ගැටළු ගැන දකුණේ ප්‍රදේශ දෙකක විරෝධතා.

Thursday, 05 September 2013 - 12:36

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F.

මාතර - රාහුල විද්‍යාලයට සහ සුජාතා බාලිකා විද්‍යාලයට පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී තමන්ට අසාධාරණයක් සිදුවූ බව පවසමින් දෙමව්පියන් පිරිසක් මේ වනවිට විරෝධතාවයක නිරතවනවා. මාතර - ඉසදින් නගරයේ උද්ඝෝෂණයක නිරතවන දෙමව්පියන් සඳහන් කළේ පාසල ආසන්නයේ පදිංචිව සිටි තම ළමයින්ට පළමු ශ්‍රේණියට ඇතුළත්වීමේ අවස්ථාව අහිමිව ගොස් ඇති බවයි.  පසුගිය ජනවාරි මාසයේදී තම දරුවන් පළමු ශ්‍රේණියට ඇතුළත් කරගැනීමට නියමිතව තිබුණද මේ දක්වා පාසලට ඇතුළත් කරගෙන නොමැති බවයි උද්ඝෝෂණයේ නිරත දෙමව්පියන් සඳහන් කළේ.

[MP3]s66541[/MP3]

මේ සම්බන්ධයෙන් මාතර රාහුල විද්‍යාලයේ සහ සුජාතා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිවරුන්ගෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ තමන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍ර ලේඛයට අනුව බඳවා ගැනීම් සිදුකර ඇති බවයි.

මේ අතර සීනිගම විමලබුද්ධි මහා විද්‍යාලයේ වත්මන් විදුහල්පතිවරයාට ලබාදුන් ස්ථාන මාරුව අවලංගු කර ඇති බව අම්බලන්ගොඩ කලාප  අධ්‍යාපන අධ්‍යක්‍ෂ එස්. පී. චන්ද්‍රාවතී පවසනවා. ඇය මේ අදහස් පළ කළේ එම විද්‍යාලයේ විදුහල්පතිවරයාට ස්ථාන මාරුවක් ලබාදී ඇති බව පවසමින් සිසුන් සහ දෙමව්පියන් පිරිසක් සීනිගම දේවාලය ඉදිරිපිට සිදුකළ උද්ඝෝෂණයෙන් අනතුරුවයි. මෙම උද්ඝෝෂණය හේතුවෙන් ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා සිදුවුණා. කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරිය උද්ඝෝෂණය පැවති ස්ථානයට පැමිණ මේ බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව උද්ඝෝෂකයන් විසිර යනු ලැබුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories