ලිංගික අල්ලසක් ඉල්ලූ විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට.

Thursday, 05 September 2013 - 19:01

%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

ලිංගික අල්ලසක් ලබා ගැනීමට තැත්කළ කොට්ටාව - ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා අල්ලස් කොමිසම අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවෙකු ඇතුළත් කිරීම සඳහා එම දරුවාගේ මවගෙන් විදුහල්පතිවරයා මෙම ලිංගික අල්ලස ලබා ගැනීමට තැත්කර ඇති බවයි අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම ප්‍රකාශ කළේ. අදාළ මවගේ පාර්ශවය විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව වේරහැර ප්‍රදේශයේ ලැගුම්හලකදී අදාළ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගත් බවයි අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමේ විමර්ෂණ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සෝමවීර ලොකුගේ කියා සිටියේ. සැකකාර විදුහල්පතිවරයා අද (05) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories