වත්කම් හෙළි නොකළ ඡන්ද අපේක්ෂකයන් ගැන තීරණය 13 වැනිදා.

Friday, 06 September 2013 - 12:47

%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%85+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+13+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F.


උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා ඡන්ද විමසීමට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ට සිය වත්කම් - බැරකම් ප්‍රකාශ ලබාදීමට දුන් කාලය හෙටින් (07) අවසන් වනවා. මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මැතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයන් රැසක් සිය වත්කම් ප්‍රකාශ මැතිවරණ දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති බවයි. ස්වාධීන කණ්ඩායම් කිහිපයක් වත්කම් ප්‍රකාශ ලබාදී නොමැති බවද ඔහු ප්‍රකාශ කළා.

 

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගෙන් මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී ඔහු කියා සිටියේ වත්කම් ප්‍රකාශ ලබාදීමට දුන් කාලය හෙටින් අවසන් වූවත්, මේ මස 13 වැනිදා පැවැත්වෙන දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගේ රැස්වීමේදී වත්කම් ප්‍රකාශ ලබාදී නොමැති අපේක්ෂකයන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි. මේ මස 21 වැනිදා පැවැත්වෙන මැතිවරණය සඳහා අපේක්ෂකයන් 3785 ක් ඉදිරිපත්ව සිටිනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories