සඳුඳා ඇරඹෙන මානව හිමිකම් සැසියට මෙරටින් විශේෂ කණ්ඩායමක් නෑ.

Friday, 06 September 2013 - 12:53

%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B3%E0%B7%8F+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%91.



ලබන සඳුඳා ඇරඹෙන 24 වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභා වාරයට ශ්‍රී ලංකාවෙන් විශේෂ නියෝජිත පිරිසක් සහභාගී නොකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක රොඞ්නි පෙරේරා කියා සිටියේ මෙම සභා වාරය සඳහා ජිනීවා නුවර ජගත් සංවිධාන කාර්යාලයේ ශ්‍රී ලංකා නියෝජිතයන් එක්වන බවයි. මෙරටින් නියෝජිත පිරිසක් එහි යැවීමට තරම් මෙම සැසිවාරය වැදගත් නොවන බවද ඔහු ප්‍රකාශ කළා. ලබන සඳුඳා සිට මේ මස 27 වැනිදා දක්වා මෙම සභා වාරය පැවැත්වෙනවා. මෙහි ආරම්භක දේශනය ජගත් සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ විසින් පවත්වන අතර, එහිදී ජගත් මානව හිමිකම් කාර්යාලයෙන් මෙතෙක් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරනු ඇති.

 

මේ අතර, මෙම සැසිවාරයේදී මානව හිමිකම් මහ කොමසාරිස්වරිය සිය ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් වාචික කරුණු දැක්වීමක් සිදුකෙරෙනු ඇතැයි අපේක්ෂිතයි. කෙසේ වෙතත්, මාර්තු මාසයේ පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් ප්‍රධාන සැසිවාරයේදී ඇය ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ලිඛිත කරුණු ඉදිරිපත් කරනු ඇති බවයි වාර්තා වන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories