දෙමළ ජාතිකයෙකු ජගත් සංවිධාන කාර්යාලය ඉදිරිපිට ගිනි තබාගෙන මියගිහින්.

Friday, 06 September 2013 - 13:07

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A.

විවිධ සිද්ධීන් ඔස්සේ බෙදුම්වාදී න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරවීම සඳහා දෙමළ ඩයස්පෝරාව මෙරටට අඛණ්ඩ පීඩනයක් එල්ල කරමින් සිටින බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය පවසනවා. එහි මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මේ බව කියා සිටියේ දෙමළ ජාතිකයෙකු ජිනීවා නුවර පිහිටි ජගත් සංවිධාන කාර්යාලය ඉදිරිපිට ගිනි තබාගෙන මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින්.

ජිනීවා ජගත් සංවිධාන කාර්යාලය ඉදිරිපිට මෙම දෙමළ ජාතිකයා ඊයේ පස්වරුවේ ගිනි තබාගත් බව කොටි හිතවාදී වෙබ් අඩවි වාර්තා කළා. ඔහු එක් අතකින් පෙට්රල් බඳුනක් සහ අනික් අතින් ප්‍රභාකරන්ගේ ඡායාරූපයක් රැගෙනයි මෙලෙස ගිනි තබාගෙන ඇත්තේ. කොටි හිතවාදී කොලිවුඞ් සිනමා අධ්‍යක්ෂ සීමාන්ගේ වෙබ් අඩවියේ සඳහන් වන පරිදි රෝහල් ගත කෙරුණු මොහු ඊයේ (05) පස්වරුවේ මියගොස් තිබෙනවා. සීමාන්ගේ නෙට්රිකන් වෙබ් අඩවිය සඳහන් කළේ පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරය කළ ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ කොටි සංවිධානය කුරිරු මිනීමරු සංවිධානයක් ලෙස හැඳින්වීම හේතුවෙන් දෙමළ ඩයස්පෝරාවේ බලාපොරොත්තු සුන් වී ඇති බවයි. ජිනීවා ජගත් සංවිධාන කාර්යාලය ඉදිරිපිට කාර්යාලය ඉදිරිපිට ඊයේ ගිනිතබාගත් දෙමළ ජාතිකයා ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයෙකු බවයි වෙනත් වෙබ් අඩවියක් සඳහන් කළේ.

මෙම සිද්ධිය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් අදහස් දැක්වු දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර.

[MP3]s66627[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories