ඡන්ද පැමිණිලි 330 දක්වා ඉහළට.

Saturday, 07 September 2013 - 7:51

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92+330+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.

පළාත් සභා මැතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 330ක් ලැබී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා. එහි පිහිටා ඇති පැමිණිලි ඒකක මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බවයි. එම දිස්ත්‍රික්කයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා 10ක් සමඟ මැතිවරණ පැමිණිලි 90ක් වාර්තා වී තිබෙනවා. පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති පැමිණිලි සංඛ්‍යාව 32ක්. පළාත් වශයෙන් ගත් කළ වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වන්නේ මධ්‍යම පළාතෙන්. එම සංඛ්‍යාව 139ක්. උතුරු පළාතෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වන්නේ යාපනය දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 25ක්.  

 

උතුරු, වයඹ සහ මධ්‍යම පළාත් සභා මැතිවරණයට අදාළව පැෆ්රල් සංවිධානයට ද පැමිණිලි 309ක් වාර්තා වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන  එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි.

[MP3]s66671[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories