දියවන්නාඔයේ ගිලූණු කාන්තාවක් සොයා මෙහෙයුමක්.

Saturday, 07 September 2013 - 12:30

%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%94%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%96%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

රාජගිරිය - පාර්ලිමේන්තු මාර්ගයේ දියවන්නා ඔයට සම්බන්ධ වන සිංහ පාලම අසළ ඇළට කාන්තාවක් වැටී ඇති බවට ලද තොරතුරකට අනුව වැලිකඩ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පොලීසිය සදහන් කළේ ඊයේ (06) පස්වරුවේ මෙම කාන්තාව ඇළට වැටී ඇති අතර, ඇළ අසළ තිබී ඇයගේ යැයි සැකකෙරෙන කුඩයක් සහ ලේන්සුවක් හමුවී ඇති බවයි. කාන්තාව සෙවීමේ කටයුතු නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කර ඇති බව ද පොලීසිය ප්‍රකාශ කළා. මෙම කාන්තාවගේ අන්‍යන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නැහැ.

 
මේ අතර, කෑගල්ල නගරයේ ඇළක තිබී කාන්තා මළ සිරුරක් අද උදෑසන පොලිසිය සොයා ගෙන තිබෙනවා. මෙතෙක් කාන්තාවගේ අනන්‍යතාවය තහවුරු වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories