ඉදිරියේදී දිවයින පුරා මිලිමීටර් 150 ඉක්මවූ වැසි - මුහුද අවදානම්.

Saturday, 07 September 2013 - 19:17

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%93%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+150+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+-+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

අද (07) පස්වරු 4 සිට ඉදිරි පැය 24 තුළ පුත්තලම සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතු සිදුකිරීමේදී අවදානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. එම මුහුදු ප්‍රදේශයේ සුළෙඟේ  වේගය පැයට කිලෝමීටර් 70 පමණ දක්වා ඉහළ යාම ඊට හේතුවයි. එමෙන්ම, ඉදිරි පැය 24 තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අධික වැසි සහිත කාලගුණ  තත්ත්වයක් පැවතිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්මවූ වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ වනවිටත්, මධ්‍යම කඳුකර ප්‍රදේශවලට අධික වැසි සහිත කාලගුණික තත්ත්වයක් පවතිනවා. මේ හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කඳු ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඞී.පී.ජී. කුමාරසිරි ඉල්ලීමක් කළේ.

[MP3]s66727_1[/MP3]                                                                    

ඉදිරි පැය 24 තුළ කාලගුණ තත්ත්වය පිළිබඳව තොරතුරු ගෙන එන ‘‘වෙදර් ෆෝකාස්ට්’’ විශේෂාංගය.

[MP3]s66727_2[/MP3] 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories