කාම්බෝජයේ මැතිවරණ ජය පාලක පක්ෂයට.

Sunday, 08 September 2013 - 9:15

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%9D%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7.

පසුගිය ජූලි මාසයේ කාම්බෝජයේ පැවති මැතිවරණයේ ජයග්‍රාහකයා අගමැති හුන් සෙන් ගේ මහජන පක්ෂය බව එරට මැතිවරණ කොමිසම ඊයේ නිවේදනය කළා. ඒ අනුව හුන් සෙන් ගේ මහජන පක්ෂයට ආසන 68 ක් හිමිවී ඇති අතර විපක්ෂ, ජාතිය මුදා ගැනීමේ පක්ෂයට හිමිව ඇත්තේ ආසන 55 ක් පමණයි.  මේ අනුව පසුගිය 28 වසර පුරා කාම්බෝජය පාලනය කළ, 61 හැවිරිදි හුන් සෙන් තවදුරටත් එරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇති. කාම්බෝජ මැතිවරණයේදී දැවැන්ත වංචාවක් සිදුව ඇති බවට විපක්ෂ නායක සෑම් රේන්සි චෝදනා කළා. එහෙත් ප්‍රතිඵල සනාථ කිරීම හේතුවෙන් ඔහුට තවදුරටත් ඒ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹීමට නොහැකිවනවා. කෙසේ නමුත් නොම් පෙන් අගනුවර ප්‍රජාතන්ත්‍ර උද්‍යානයට ඊයේ රැස්වූ විපක්ෂ ක්‍රියාකාරීන් නෙළුම් මල් රැගෙන බෞද්ධ ආගමානුකූලව සාමකාමී විරෝධතාවක නිරතවුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories