යාපනය, පුත්තලම සහ අම්පාර ජලයේ නයිට්ට්‍රේට් සාන්ද්‍රණය ඉහළට.

Sunday, 08 September 2013 - 12:52

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%2C+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.

යාපනය, අම්පාර සහ පුත්තලම් දිස්ත්‍රික්කවල භූගත ජලයේ නයිට්ට්‍රේට් නියමිත ප්‍රමාණයට වඩා අන්තර්ගත වී ඇතැයි ජල සම්පත් මණ්ඩලය සිදුකළ පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. මෙම පර්යේෂණ සඳහා මාතලේ, ගම්පහ සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක ද පාදක කර ගෙන ඇති අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ ජලයේ පී.එච්.අගය අවම අගයක පවතින බවත්, අනුරාධපුරයේ බැරලෝහ වැඩි වශයෙන් පවතින බවත්, එහිදී හෙළි වුණා. මෙම දිස්ත්‍රික්ක තුළ තෝරා ගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මෙම පරීක්ෂණය සිදුකර ඇති අතර, ජල සම්පත් මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ආර්.එස්.විජේසේකර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ භූගත ජලය මෙලෙස අපවිත්‍රවීමට හේතුව රසායනික පොහොර බවට සැකකරන බවයි. ජල සම්පත් මණ්ඩලය විසින් සිදුකළ මෙම පර්යේෂණය පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ එහි සාමාන්‍යාධිකාරිවරයා.

[MP3]s66766_1[/MP3]

සාමාන්‍යයෙන් ජල ලීටරයකට අන්තර්ගතවිය යුතු නයිට්ට්‍රේට ප්‍රමාණය මිලිග්‍රෑම් 10 ක් පමණයි. කෙසේ වෙතත්, පොහොර භාවිතය සම්බන්ධයෙන් ඉදිරියේදී මෙම දිස්ත්‍රික්කවල ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි ජල සම්පත් මණ්ඩල සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේ.

[MP3]s66766_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories